Arduino සමග LED Flasher එකක් හදමු


සුභ දවසක් යාලුවනේ ............ අද මම කියන්න යන්නේ Arduino භාවිතා කරලා LED  Flasher එකක් හදන්නේ කොහොමද කියලා ......

බලමු මොනවද ඕනේ කියලා 
  • Arduino Board  එකක්
  • Project Board   එකක් 
  • LED  එකක් 
  • LDR  එකක්
  • 220 Ohms Resistor 2 ක්
  • Jumper වයර් 
මුලින්ම LED එක Project board එකට සම්බන්ධ කර ගන්න .

LDR  එක   Project board එකට සම්බන්ධ කර ගන්න .
 තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක.

int ledPin = 2;
int ldrPin = A0;
int ldrValue = 0;

void setup() {
  pinMode(ldrPin,INPUT);
  pinMode(ledPin,OUTPUT);
}

void loop() {
 ldrValue = analogRead(A0);

 digitalWrite(ledPin,HIGH);
 delay(ldrValue);

 digitalWrite(ledPin,LOW);
 delay(ldrValue);

}

LDR  එකට වැටෙන ආලෝකය වැඩි වෙනකොට LED එක නිවි නිවී දැල්වෙන වේගය වැඩිවෙනවා .LDR  එකට වැටෙන ආලෝකය අඩු  වෙනකොට LED එක නිවි නිවී දැල්වෙන වේගය අඩු වෙනවා .

 අපි මේ Code එක  ගැනත් පොඩි අවබෝධයක් ලබා ගමු .

int ledPin = 2;  // 2වන pin එක තෝරගන්නෙ LED එකට
int ldrPin = A0;// A0 වන pin එක තෝරගන්නෙ LDR එකට
int ldrValue = 0;// LDR  එකේ State  එක කියවලා ඒක අලුත්  Variable එකක ගබඩා කරන එක

//  void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ 
void setup() {
  pinMode(ldrPin,INPUT); // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Input එකක්
  pinMode(ledPin,OUTPUT); // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Output එකක්
}

//   void loop කොටස නොනැවතී   ක්‍රියාත්මකවේ 
void loop() {
 ldrValue = analogRead(A0);// LDR එකේ input value කියවීම සිදු කරයි 
 digitalWrite(ledPin,HIGH);//LED pin එකේ output එක High බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් කරවයි. 
 delay(ldrValue);// LDR එකෙන් ලබා ගත් දත්තයට සමාන කාලයක් රැදී සිටින්න 

 digitalWrite(ledPin,LOW);LED pin එකේ output එක Low බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් නොකරයි.
 delay(ldrValue);// LDR එකෙන් ලබා ගත් දත්තයට සමාන කාලයක් රැදී සිටින්න 

}

// පසුව  ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.

ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ගැන  ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න


ඔබට සුබ දවසක්......... :-) 
Arduino සමග LED Flasher එකක් හදමු Arduino සමග LED  Flasher  එකක් හදමු Reviewed by Dilshan on 10:33:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.