කාලයේ වැදගත්කම


සුබ දවසක් යාලුවනේ...  
                 අද අපි කතා කරන්න යන්නේ කාලයේ වැදගත්කම ගැන.හැමෝටම තියෙන්නේ දවසකට පැය 24 ක කාලයක්නෙ. ඒ කාලයෙන් සමහරු උපරිම ප්ර යෝජන ගන්නවා. එහෙම අයට දවසකට පැය 24 ක කාලයත් මදිවෙනවා. උපතේ සිට මරණය දක්වා ජීවත්වීමට අපට ලැබී තිබෙන්නේ ඉතාම සීමිත කාලයක්. ඒ කාලය ජීවිතය විසින් අපට ලබාදී තිබෙන වටිනා සම්පතක්. ජීවිත කාලය නැමැති ඒ වටිනා සම්පතෙන් නිසි ප්රායෝජන ගැනීම අපි කාගේත් යුතුකමක්. ජීවිතය කියන්නේ මුදල් නොවුනත් ජීවත්වීම සදහා මුදල් අත්යා වශ්යක සාධකයක්. ඒ නිසා සමහරු ජීවත්වීම පසෙක තියලා මුදල් වෙනුවෙන්ම ජීවිත කාලය කැපකිරීමට යොමුවෙනවා. නමුත් ජීවත්වීම සදහා ලැබී තිබෙන සීමිත කාලයට මුදල් වලටත් වඩා වටිනාකමක් තියෙනවා. ඒ නිසා ජීවත්වන හැම තත්ත්පරයකදීම ජීවිතයට අගයක් එකතු කරගත හැකි ලෙස ජීවත්වීම, ජීවිත කාලය අර්ථවත් කරගැනීමට හේතුවක් වෙනවා. කාලය රන් හා සමානයි කියලා කියමනක් තිබුණාට කාලය රන් වලටත් වඩා වටිනා මිල කළ නොහැකි සම්පතක් බවයි අපේ පිළිගැනීම. ඒ නිසාම අද මේ වටිනා කාලයෙන් ප්රටයෝජන ගන්න නම් අපි අනුගමනය කරන්න ඕන කරුණු කිහිපයක් ගැන කතා කළොත් හොදයි කියලා අපි අදහස් කළා. 

+ අරමුණක් ඇතුව වැඩ කිරීම
+ සැලසුමක් ඇතුව වැඩ කිරීම 
+ නුවණින් විමසා බලා කටයුතු කිරීම 
+ අලස නොවී කළ යුතු දේ මැනවින් සිදු කිරීම
+ අද කළ යුතු දේ අදම කිරීම 
+ පළමුව කළ යුතු දේ පළමුව කිරීම 
+ සෙමින් කළ යුතු දේ සෙමින් ද ඉක්මනින් කළ යුතු දේ ඉක්මනින් ද සිදු කිරීම 
+ වැඩ අතපසු නොකිරීම හා කල් නොදැමීම
+ අතීතයේ හෝ අනාගතයේ නොව වර්තමානයේ ජීවත්වීම
+ නැකැත් බලා කටයුතු අතපසු නොකිරීම
ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි 
විශේෂ ස්තූතිය - නිෂාන් තුෂාර 

කාලයේ වැදගත්කම කාලයේ වැදගත්කම Reviewed by Dilshan on 7:13:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.