Arduino සමග TV Remote භාවිතා කරමු part-01


සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ Arduino  සමග TV Remote  භාවිතා කරන්නේ කොහොමද කියලා ……

එහෙනම් වැඩේ පටන් ගමු

මේ වැඩේට   IR Receiver  එකක්  සහ TV  හෝ DVD  Player හෝ එවැනි උපකරණයක Remote එකක් අවශය වෙනවා

විශේශයි
·        IR Receiver එක Arduino  සමග සමග සම්බන්ධ කරනකොට ඒවාගේ  Output pins නිවැරදිව සම්බන්ධ කල යුතුය .

·        සෑම IR Receiver එකකම Output pins එක සමාන නොවේ .එවා නිශ්පාදනය කරන සමාගමෙන් සමාගමට වෙනස් ය .

·        IR Receiver එකක Output pins සොයා ගන්න එකේ Model Number එක Google එකේ Search  කරලා හොයා ගන්න පුලුවන්


මම පාවිච්චි කරපු IR Receiver  Output pins ටික තිබුනේ මෙහෙම

අපි දැන් IR Receiver  එක  Arduino එකට සම්බන්ද කරමු
(සැලකිය යුතුයිIR Receiver  එකේ  Output pins හරියටම දැනගෙන සෙට් කරන්න )

ඒ ටික හරි …..

දැන් Arduino Software එකට පොඩි Libry එකක් දාන්නඔනේ .ඒක මෙතනින් ගන්න .

දැන් වැඩේ හරි  දැන් මේ code එක Arduino එකට upload කරන්න .
මෙන්න  code එක

#include <IRremote.h>

int RECV_PIN = 2;

IRrecv irrecv(RECV_PIN);

decode_results results;

void setup(){
  Serial.begin(9600);
  irrecv.enableIRIn(); 
}

void loop() {
  if (irrecv.decode(&results)) {
    Serial.println(results.value, HEX);
    irrecv.resume(); 
  }
  delay(100);

දැන් Serial Monitor එක Open කරලා උපකරණයක Remote එක IR Receiver  එකට අල්ලලා ඔබන්න .එතකොට ඒ ඒ Button එකට අදාල HEX  Value එක බලා ගන්න පුලුවන් ….


එහෙනම් මම ගියා .ගැටලුවක් තියෙනවා නම්  Comment එකක් ඉදිරිපත් කරන්න . Arduino  සමග TV Remote  භාවිතා කරමු  part-02  ලිපියෙන් නැවත  හමුවෙමු  සුබ දවසක් ……
Arduino සමග TV Remote භාවිතා කරමු part-01 Arduino  සමග TV Remote  භාවිතා කරමු  part-01 Reviewed by Dilshan on 8:23:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.