Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු

සුභ  දවසක් යාලුවනේ ...... අද මම කියන්න හදන්නේ Arduino එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් තවත් පොඩි ගැජට් එකක් ගැන . Arduino එක්ක භාවිතා කරන්න පුලුවන් මේ LCD Display එකෙන් අකුරු , ඉලක්කම් වගේම Characters ද Display කරන්න පුලුවන් .

ඒ වගේම Arduino එක "Serial Communication" නම් පහසුකම හරහා දත්ත  හුවමාරුවෙන් තමා LCD Display එකේ  දත්ත පෙන්වන්නේ 

 පොඩි Project එකක් කරලම බලමු .මෙන්න ඔනේ කරන දේවල් 

  • Arduino එකක් 
  • 16 x 2 LCD Display එකක් 
  • Project board එකක් 
  • 10k Preset එකක් 
  • jumper වයර්
අපි මුලින්ම Display එකේ Pins හදුනා ගමු .

Display එක මේ විදියට Arduino  එකට Set කරන්න .

අපි දැන් බලමු යම් කිසි දෙයක් කොහොමද Display  කර ගන්නේ කියලා ...

 මෙන්න Code එක 
#include <LiquidCrystal.h>// LiquidCrystal.h යනු library එකකි

LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2);//  lcd  display  එක Arduino  එකට එකට සම්බන්ද Pins

void setup() {
  lcd.begin(16, 2);// lcd  display එකේ columns සහ  rows ගනන
  lcd.print("hello, world!"); // LCD එකේ print වන message එක 
}

void loop() {
lcd.setCursor(0, 1);// lcd  display එකේ අකුරු පෙන්වන පේලිය 
lcd.print(millis() / 1000);//  Arduino එක ක්‍රියාත්මක කල මොහොතේ පටන් සෑම තත්පරයක්ම ගනණය කරයි 
}

විශේෂ කරුණු  
lcd.setCursor(0, 1); // මෙම කොටසේ  (0, 1) මගින් lcd Display එකේ  අකුරු පෙන්වනේ දෙවන පේලියේ වේ.

lcd.setCursor(0, 0); // මෙම කොටසේ  (0, 0) මගින් lcd Display එකේ  අකුරු පෙන්වනේ පලමු  පේලියේ වේ.

lcd Display එක තුල කිසියම් දෙයක් Display කර ගැනීමට අවශයනම් lcd.print() ;  විදානය Type කර වරහන ඇතුලත අදාල Type කල යුතුය .
    ex :-   lcd.print("***Dilshan Ramesh***");

තවද අපි විසින් පෙර සාදා ගන්න ලද විචලයක් උවද lcd එක තුල  Display කර ගන්නට පුලුවන් .
 ex :-
#include <LiquidCrystal.h>

LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2);

void setup() {
  lcd.begin(16, 2);
  pinMode(A0, INPUT);
}

void loop() {
int val = anlogRead(A0);
lcd.setCursor(0, 0);
lcd.print(val);
}

එහෙනම් ගිහින් එන්නම් . ගැටලුවක් තිබේනම්  Comment එකක් මගින් ඉදිරිපත් කරන්න .ඒ වගේම Tech පිස්සෝ  පිලිබද ඔබගේ අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න .

ඔබට සුභ දවසක් !!!!!!!!!!

Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු Reviewed by Dilshan on 5:42:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.