Blog එකක අයිතිකරු සොයාගමු






සුබ දවසක්... ඔන්න අද අපි බලමු කොහොමද බ්ලොග් එකක අයිතිකරුව හෝ අයිතිකරුවන්ව හොයාගන්නේ කියලා.


 මේක කලින් ඉදලම පාවිච්චි වෙන ක්‍රමයක්ද කියන්න මම දන්නේ නෑ . කොහොම උනත් මේක මම අහම්බෙන් වගේ හොයාගත්ත ක්‍රමයක්.  මේක සාර්ථකද නැද්ද කියන එක ඔයාලත් කරලම බලන්න. 

 එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා

මුලින්ම අපි අයිතිකරු හොයාගන්න අවශ්‍ය බ්ලොග් එකට ගිහින් එකේ Source එක open කරගමු වින්ඩෝස් හා ක්‍රෝම් බ්‍රව්සරය පාවිච්චි කරනවනම් Ctrl+u press කරලා open කරගන්න දැන් එකේ මේ වගේ link එකක් ඇති




මේ තියෙන්නේ අපේ බ්ලොග් එකේ link එක මේ වගේ link එක හොයලා click කරන්න. අපිට ආයෙත් පෙනේවි source එකක්. බ්ලොග් එකක පොස්ට් එකක author කෙනෙක් කියන්නේ එයා අනිවාර්යෙන්ම බ්ලොග් එකේ author කෙනෙක් වෙනවනේ. ඒක තමා මෙතන සංකල්පය. 

හරි එහෙනම් ඊලගට අපි Source එකේ html tag එකක් හොයාගමු මේකට පාවිච්චි කරන්න ඕනේ find කියන option එක Ctrl+f  press කරලා open කරගෙන මෙන්න මේ tag එක search කරන්න 
 <name>
ඊට පස්සේ මේ වගේ result එකක් හෝ කිහිපයක්  එයි 




ඒ කියන්නේ ඔයා බ්ලොග් එකේ අයිතිකරු හෝ අයිති කරුවන්ව සොයාගෙන ඉවරයි.

මෙතැනදි මම හිතන විදිහට අපි හොයාගන්නේ එයාගේ gmail account එකේ user name එක. ඒ නිසා කවුරු හරි fake name එකකින් gmail account එක හදලා තියනවනම් මේ ක්‍රමය සාර්ථක වෙන එකක් නෑ. ඒ වෙලාවට නම් වෙනත් ක්‍රමයක් සොයාගන්න වෙනවා. මුලින් කිව්වා වගේ මේ ක්‍රමය භාවිතා වෙන ක්‍රමයක්ද ගොඩක් සාර්ථක ක්‍රමයක් කියන්න මට හැකියාවක් නෑ. ඒ නිසා ඔයාලත් කරලා බලලා සාර්ථකනම් ඒක comment එකකින් ඉදිරිපත් කරන්න.
එහෙනම් ගිහින් එන්නම් . ඊලග post එක kali linux වල පලවෙනි පොස්ට් එක එහෙනම් ගිහින් එන්නම් 😉

- කරුණාකර කතු අයිතිය සුරකින්න -


















Blog එකක අයිතිකරු සොයාගමු Blog එකක අයිතිකරු සොයාගමු Reviewed by vihan on 10:45:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.