අපුරු පාපැදියක්

ස්පෝක් කම්බි වලින් සවිය ලබන පාපැදි රෝද බි‍්‍රතාන්‍යය ජාතික නව නිර්මාණ කරුවෙකු විසින් නව යුගයට ගැළැපෙන ලෙස නවීකරණය කර ඇත.
ස්පෝක් කම්බි වෙනුවට විශේෂයෙන් සැදි කම්පන අවශෝෂක (ෂොක් ඇබ්සෝබර්) පාපැදි රෝද වලට සවිකර ඇති ඔහු දැන් වඩාත් සුවපහසුවෙනුත් වේගයෙනුත් පාපැදි ධාවනය සිදුකළ හැකි බව පවසයි.ඔහුට අනුව රෝදයට සවිකර ඇති කම්පන අවශෝෂක මගින් මාර්ගයේ ගැටිති මතින් ගමන් කිරීමේදී දැනෙන කම්පනයන් සාර්ථකව අවශෝෂණය කර ගැනීම සිදු කරයි.පාපැදියේ සිටින්නාට තමන් ‘‘සේද‘‘ අතුරා ඇති මාවතක යන්නාක් මෙන් දැනෙනු ඇති බව ඔහු පවසයි.
‘‘මට මේ අදහස ඇති වුයේ මීට අවුරුදු හයකට විතර ඉස්සර.මම දැක්කා එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා හිටපු ළදරු කරත්තය පාරේ තිබ්බ ගැට්ටක් උඩින් තල්ලූ කරන්න හදනවා.ඒ කරද්දී කරත්තය ගැස්සිලා ගිහිල්ලා ළමයා අඩන්න ගත්තා.මේක දැකපු මට හිතුණේ ඇයි රෝද වලටත් කම්පන අවශෝෂක සවි කරන්නේ නැත්තේ කියලා. ගෙදර ගිය ගමන් සැලැස්මක් හැදුවා.පස්සේ අවුරුදු 4ක් පුරා පරීක්ෂණ කරලා අවසානයේ තමයි හරියට හදා ගත්තේ‘‘ යැයි පවසන්නේ සෑම් පියර්ස් නම් මේ නව නිර්මාණකරුවාය.
විශේෂයෙන් සකස් කළ මේ පාපැදි රෝද දැන් වෙළදපොළටත් නිකුත් කර ඇත.ඉදිරියේදී මෝටර් රථ රෝද වලට පවා යොදාගත හැකි සේ මේ ක‍්‍රමය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව සෑම් කියයි.


විශේෂ ස්තුතිය - Nithin Hewavitharana 
අපුරු පාපැදියක් අපුරු පාපැදියක් Reviewed by Dilshan on 8:18:00 PM Rating: 5

No comments:

Powered by Blogger.