Arduino සමග LED එකක් Blink කරමු

සුබ දවසක් යාලුවනේ...... අද අපි කරන්න යන්නේ පොඩි Project 1.මොකද ලොකු ලොකු Project  වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක ඇගට හොදයි .
හරි අද හදන්න යන්නේ LED  බල්බයක් නිවි නිවි දැල්වෙන (Blink)  Circuit එකක් .

බලමු මොනවද ඕනේ කියලා 
  • Arduino එකක් 
  • Arduino අතුරුමුහුනත 
  • LED එකක් 
  • 220 Ohms  ප්‍රතිරොධකයක් 
  • Project board එකක් 
  • jumper වයර්
මුලින්ම LED එක 220 Ohms  ප්‍රතිරොධකය හරහා Project board එකට සම්බන්ධ කර ගන්න .



තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක.

int led = 10

void setup() {
  pinMode(led, OUTPUT);
}
void loop() {
  digitalWrite(led, HIGH);   
  delay(1000);             
  digitalWrite(led, LOW);  
  delay(1000); 
}

 අපි මේ Code එක  ගැනත් පොඩි අවබෝධයක් ලබා ගමු .
int led = 10; // 10 වන pin එක තෝරගන්නෙ LED එකට
void setup() { //  void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ 
 pinMode(led, OUTPUT);  // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Output එකක්
}
 void loop() { //   void loop කොටස නොනැවතී   ක්‍රියාත්මකවේ 
digitalWrite(led, HIGH); // තෝරාගත් LED pin එකේ output එක High බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් කරවයි. LED එක දැල්වේ 
delay(1000);   //තත්පරයක් එලෙසින් රැදී සිටින්න
digitalWrite(led, LOW);  // තෝරාගත් LED pin එකේ output එක Low බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් නොකරයි.LED එක නො දැල්වේ
delay(1000);  //තත්පරයක් එලෙසින් රැදී සිටින්න
}

// පසුව  ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.

 ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න

ඔබට සුබ දවසක්.........


Arduino සමග LED එකක් Blink කරමු Arduino සමග LED එකක් Blink කරමු Reviewed by Dilshan on 9:06:00 PM Rating: 5

5 comments:

  1. Hoda lipiyak. Adunikayanta godak watina dheyak wei kiyala hithanawa.
    Sthuthi.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි .......

      Delete
  2. Hoda arambayak malli ooona knekuta watehewi

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි # උදාන අයියේ .......

      Delete
  3. Hoda arambayak malli ooona knekuta watehewi

    ReplyDelete

Comments

Powered by Blogger.