Windows 10 automatic updates හා Feedback disable කරමු

කොහොමද යාලුවනේ මේ අපේ බ්ලොග් එකේ පලකරන දෙවන ලිපිය ,අඩුපාඩු ඇති ගොඩක් අපි ඒවා ඉස්සරහට හදාගනම්කො ......
හරි මාතෘකාවට යන්කො එහෙනම් ..
Windows 10 වල තියෙන automatic update සේවාව ලොකු කරදරයක් වෙනවා ගොඩක් දෙනෙක්ට
මේක නිසා අපේ data විශාලව වැයවෙනවා , කොටින්ම කිව්වොත් බලන් ඉන්න කොටම අපේ connection එක මන්දගාමී වෙනවා .
automatic updates disable කරන්න pro හා enterprice edition වලනම් option තියෙනවා ඒ උනාට home edition එකේ එහෙම option එකක් නෑ,
අපි බලමු ඕනෙම version එකක updates off කරන්නේ කොහොමද කියලා
මුලින්ම This pc right ක්ලික්  කරන්න
ඊට පස්සේ
 manage >> Services and Applications >>  Windows update >> Disabled  මේ විදිහට  කරන්න
තේරුනේ නෑ වගේද එහෙනම්
                   මෙන්න screenshot එකක් ..








දැන් බලමු feedback settings වෙනස් කරන්නේ කොහොමද කියලා
feedback කියන එකෙන් වෙන්නේ සරලව කිව්වොත් අපේ පරිගණකය ගැන microsoft ලා ගෙන් වෙන ඔත්තු බැලීමක් , අපි windows 10 බාවිතා කරන ආකාරය ගැන ඔවුන් සිදු කරන අධ්‍යනයක් කියන්නත් පුළුවන් අපිට මේ feedback disable කරන්න මේ ක්‍රමය අනුගමනය කරන්න වෙනවා
මුලින්ම ඔයාලගේ පරිගණකයේ settings වලට යන්නකෝ . දැන් settings වල feedback කියල search කරන්න
හරි එතකොට feedback settings කියල option එකක් ඔයාලට පෙනෙයි ඒක open කරගන්නකො
එකේ තියෙනව feedback frequency කියල option එකක් ඒක never කියල select කරගන්න
තව ඊට පහලින් තියෙනවා Diadnostic and usage data කියලා තවත් option එකක් ඒක basic කියල තෝරන්න
දැන් ඔක්කොම හරි අපිට අපේ data ටික දැන් ඉතුරු කරගන්න පුළුවන්  :-)


Windows 10 automatic updates හා Feedback disable කරමු Windows 10 automatic updates හා Feedback disable කරමු Reviewed by vihan on 10:03:00 AM Rating: 5

1 comment:

Comments

Powered by Blogger.