Arduino ගැන දැනගනිමු



ආඩුඊනෝ යනු  විවිධ  සංවේදක  මගින්  ලබාදෙන  තොරතුරු  සංවේදනය  කරගනිමින්  භෞතික පරිසරයේ වෙනස්වීම් හදුනාගැනීමට හා විවිධ උපකරණ  ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි උපකරණයකි.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙය ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකි විවෘත  හා නිදහස් දෘඩාංග හා මෘදුකාංග කොටස් වලින් සමන්විතව තිබීමයි .එනම් ආඩුඊනෝ යනු  ක්ෂූද පාලකයක් සහිත පරිපත පුවරුවකින් සහ  ක්‍රමලේඛන  සකස් කල හැකි අතුරු මුහුණතක සංකලනයකි .
                ආඩුඊනෝ පුවරුවක් යනු අපගේ අවශ්‍යතා මත ක්‍රමලේඛනය කරගැනීමෙන් පසු තනි ඒකකයක් ලෙස හෝ එසේත් නැතිනම් පරිගකය හා සම්බන්ධ කොට එහි ධාවනය වන මෘදුකාංග සමග දත්ත හුවමාරු කරමින් ක්‍රියාකරවිය හැකි ඉතාමත් විශිෂ්ට නිපැයුමකි . මෙම ආඩුඊනෝ පුවරැව නිවසේදීම එකලස් කිරීමට හෝ වෙලදපොලෙන් මිලදී ගත හැකි අතර කේත ලිවීම සඳහා යොදාගන්නා අතුරු මුහුනත අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කරගත හැක .විවිද වර්ගයේ ආඩුඊනෝ පුවරු  විවිද කාර්යයන් සදහා භාවිතයටපහසු වන ලෙස නිපදවා ඇත. 

ආඩුඊනෝ නිල වෙබ් අඩවියේ ආඩුඊනෝ ගැන සදහන් වෙලා තියෙන්නේ මේ විදියට 
"Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects"
වැඩිදුරටත් අධ්‍යයන සදහා 
www.arduino.cc/en/Guide/Introduction වෙත පිවිසෙන්න .








Arduino ගැන දැනගනිමු Arduino ගැන දැනගනිමු Reviewed by vihan on 10:02:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.