windows default startup sound වෙනස් කරමු

හලෝ යාලුවනේ ,
 windows පාවිච්චි කරන අයට එකේ startup ලොගින් sound එක අහල අහලම එපා වෙලා ඇති , පොඩි ක්‍රමයක් කියල දෙන්නම් හැබැයි com එකට මොනවා හරි උනොත් මමනම් වගකියන්නේ නෑ ඔන්න .
මෙහෙමයි කරන්නේ windows වල ගොඩක් resources  dll විදිහට compile කරලා තියෙන්නේ අපි මුලින්ම මේ path  ඒකට ගිහින්  imageres.dll කියන  dynamic link library එක නැත්නම් dll  එක හොයාගන්න
 ඕනේ  
 "C:\Windows\System32\imageres.dll"
original dll  ඒකේ  copy එකක් අරගෙන අලුත් folder එකක් හදලා ඒකට paste කරගන්න ..
අපි මේකෙදි කරන්න යන්නේ imageres.dll එක decompile කරලා අපේ  Resources දාලා නැවත Compile කිරීමක් 

මේකට ඕනේ වෙනවා Resource hacker කියන මෘදුකාංගය , මේ මෘදුකාංගයෙන් අපිට වැඩ ගොඩාක් කරගන්න පුළුවන් මේක ගොඩක්ම වැදගත් වන මෘදුකාංගයක් 
මේකෙන් executable files හා dll වැනි files වල Resources වෙනස් කරන්න පුළුවන් 
මෙතැනින් පිවිස මෘදුකාංගය බාගත කරගන්න 

හරි දැන් Resource hacker මෘදුකාංගයෙන් imageres.dll එක open කරගන්න 
ඒ මෘදුකාංගයේ  වම් පස tab එකෙන් WAVE කියන Option එක යටතේ wav file එක open කරගන්න 
දැන් අපිට කැමති .wav extention එක තියෙන file එකක් ඒ  file එක වෙනුවට add  කරගන්න පුළුවන් මේ සදහා එම wav file එක මත click කර replace resource option එක හෝ Ctrl + r  shortcut  එක මගින් ලේසියෙන්ම එම මෙනුවට පිවිසෙන්න පුළුවන්  
දැන් select file මගින් අපගේ sound file එක තෝරාගෙන replace කරගන්න .
හරි දැන් save කරගන්න . දැන් තියෙන්නේ අපේ මේ dll file එක system 32 ඒකට copy කරගන්න එක . දැන් වැඩේ හරි copy කරනකොට ප්‍රශ්නයක් උනොත් original dll file එක  වෙන නමකින් rename කරන්න ,
දැන් ඉතින් ආයෙත් com එක start කරලා බලන්නකෝ අපේ sound එක සුපිරියටම ඇහෙයි .

:-)  ඔයාලත් වගකීම අරගෙන කරලා බලන්න .. වැඩේ හරියනවා  තිතටම .....
එහෙනම් ඔන්න අපි ගියා , ආයෙත් සුපිරි පෝස්ට් එකකින් හමුවෙමු bye .
                                        Screenshot එකක් 

windows default startup sound වෙනස් කරමු windows default startup sound වෙනස් කරමු Reviewed by vihan on 9:11:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.