Serial Monitor මගින් දත්ත කියවමු


සුබදවසක් යාලුවනේ .... අද මම කියන්න යන්නේ Arduino එකට අපි ලබා දෙන දත්තයක් පරිගණකය මගින් කියව ගන්නේ කොහොමද කියලා 

බලමු මේ වැඩේට මොනවද ඔනේ කියලා ...
  • Arduino board එකක් 
  • Project board එකක්
  • LDR එකක්
  • 220 Ohms Resistor එකක්

Arduino එක හා පරිගණකය හරහා දත්ත හුවමාරු වෙන්නේ "Serial Communication" නම් පහසුකම හරහාය.

මේ විදියට  LDR  එක set කර ගන්න
 
හරි. දැන් පහත Code එක Upload කරන්න .

void setup(){
 Serial.begin(9600);
}

void loop(){

  int sensorValue = analogRead(A0);
  Serial.println(sensorValue);
  delay(100);

}

අපි මේ Code එක  ගැනත් පොඩි අවබෝධයක් ලබා ගමු 

//  void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ 
void setup(){
 Serial.begin(9600);// පරිගණකය සමග දත්ත හුවමාරු වේගය තත්පරයට Bit 9600 කි .
}

void loop(){

  int sensorValue = analogRead(A0);// LDR එකේ input value කියවීම සිදු කරයි 
  Serial.println(sensorValue);// LDR එකේ input value Serial Monitor එකෙ පෙන්කිවීම  සිදු කරයි 
  delay(100);// මිලිතත්පර 100 එලෙසින් සිටින්න 
}

// පසුව  ආරමභ වන කොටස් Comment එකක් පමණි .

Code එක Arduino  එකට Upload  කරලා Arduino Software එකේ තියෙන Serial Monitor එක Open කර ගන්න .




දැන් ඔයාලට දැක ගන්න පුලුවන්  LDR එකෙන් ලැබෙන දත්ත ටික . 

LDR  එකට වැටෙන ආලෝකය වැඩි වෙනකොට  අඩු අගයකුත්   LDR  එකට වැටෙන ආලෝකය අඩු වෙනකොට  වෙනවා  වැඩි අගයකුත් ලැබෙනවා පැහැදිලිව බලා ගන්න පුලුවන් ...


ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ගැන  ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න



ඔබට සුබ දවසක්......... :-) 
Serial Monitor මගින් දත්ත කියවමු Serial Monitor මගින් දත්ත කියවමු Reviewed by Dilshan on 5:25:00 AM Rating: 5

1 comment:

Comments

Powered by Blogger.