ව්‍යාජ Hacking tools වලින් ප්‍රවේසම් වෙමු
සුබ දවසක් යාලුවනේ.... අද හොද මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනා. සමහර විට මේ දේවල් ඔයාලටත් සිදු වෙලා ඇති.
අද ගොඩක් Hackers ලා විවිධ ක්‍රම තමන්ගේ කටයුතු වලට යොදා ගන්නවා. උදාහරණයක් විදිහට fake hacking tools මගින් password රැස්කිරීම වගේ.
මන් දන්න තරමින් නම් Facebook , Gmail වගේ ගිණුම් ඇත්තට Hack කිරීමට ලස්සන GUI යොදපු මෘදුකාංග තවම නිපදවල නෑ.
හැබැයි අපේ password හොරකන් කරන්න හදපු fake මෘදුකාංග නම් ඇති තරම් තියෙනවා. උදාහරණක් විදිහට gmail Hacker , Facebook Hacker වගේ. මොන විහිලුවක්ද
එහෙම tools තියෙනවනම් ඉතින් බැරියැ
හරි අපි පහත රුපයේ තියෙන Gmail hacker කියන මෘදුකාංගය උදාහරණයක් විදිහට ගමුකෝ
මේ වගේ මෘදුකාංගයකින් වෙන්නේ අපේ email ලිපිනය හා මුරපදය ඇතුලත් කලාම ඒ තොරතුරු hacker ගේ අතට email එකක් මගින් පත්වීම.
victimes user name කියන option එක අදාලම නෑ .....
තාමත් මේ වගේ දේ වලට හසුවෙන පිරිසක් ඉන්නවා. මේ tool එක මගින් අපිත් password රැස් කරලා තියෙනවා යාලුවන්ගේ .හැබැයි ඔවුන්ගේ අනු දැනුමත් ඇතිව.
ඉතින් යාලුවනේ මේ වගේ tool බාවිතා කිරීමෙන් වැළකෙන එක ගොඩක් හොදයි. මොකද email එකක් කියන්නේ අපිට ගොඩාක්ම වැදගත් වෙන දෙයක්නේ email එකක් තවත් කෙනෙක් අතට පත් වෙනවා කියන්නේ Facebook , Blog අඩවි වගේ ගොඩක් දේවල් Hack උනා වගේ තමයි.
මේ මෘදුකාංගය නිපදවන කොට නිපදවනා තමන්ගේ email ලිපිනයක් හා password එක මේ මෘදුකාංගයට ඇතුලත් කරනවා. ඉතින් එයා මොන ජාතියේ Hacker කෙනෙක් උනත් code encrypt නොකලොත් එයත් ඉවරයි.
හරි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ ව්‍යාජ දේ බාවිතයෙන් වැලකී ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.
Techපිස්සෝ ගැන අදහස්, යෝජනා comment එකකින් ඉදිරිපත් කරන්නකෝ.
Fake tools සදහා උදාහරණ
ව්‍යාජ Hacking tools වලින් ප්‍රවේසම් වෙමු
Reviewed by vihan
on
12:18:00 PM
Rating:
No comments: