Backdoor rat Trojan horse (RAT)


---- අධ්‍යාපන දැනුම සදහා පමණි ----

කොහොමද ඔයාලට අද post එක Backdoor rat Trojan horse ගැන. අපිට කැමති විදිහකට මේ Software එක හදාගන්න පුළුවන් VB වගේ සරල  භාශාවක් ගැන දැනුම හොදටම ප්‍රමාණවත්.   

මුලින්ම බලමු මේකෙන් වෙන්නේ මොකක්ද කියලා

මේකෙදි වෙන්නේ අපිට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය ලෝකේ කොතැනක තිබුනත් අපේ නිවසේ සිට එය පාලනය කල හැකිවීමයි. උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය වෙලාවට එම පරිගණය Shutdown කරන්න cd tray එක Open කරන්න spam messages යවන්න වගේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්.  

කොහොමද කරන්නේ 

 මේක හරිම සරල වැඩසටහනක් අපිට මේකට ඕනෙ වෙන්නේ Ftp server එකක් visual basic , C# වගේ  භාශාවක ඉහල දැනුමක්  අවශ්‍යනම් Binder මෘදුකාංගයක්

 මුලින්ම අපි Free web hosting සේවාවක් ලබාගන්න ඕනේ උදාහරණ විදිහට 000webhost 0fees.us වගේ. අපි වැඩසටහන් දෙකක් මේ කටයුත්තට සාදාගන්න ඕනේ එකක් අපේ ඉලක්කය වෙන පුද්ගලයට යවන්නත් අනිත් එක අපේ control panel එක විදිහටත්. අපි අපේ ftp login details මේ වැඩසටහන් දෙකටම ඇතුලත් කරන්න ඕනේ එකෙන් තමයි වැඩසටහන් දෙකටම අන්තර්ජාලයට සම්බන්ද වීමට වැදගත් වන්නේ.  

මේකෙ ක්‍රියාකාරිත්වය ගැන කිව්වොත් අපේ control panel එකෙන් අපේ Ftp server එකේ text file එකකට text නැත්නම් අපේ command ඇතුලත් කිරීමක් වෙනවා. අනිත් මෘදුකාංගය මගින් එම Command අදුරගෙන ඊට ගැලපෙන ප්‍රතිචාර අපේ ඉලක්කය වෙන පුද්ගලයාගේ පරිගණකයේ ක්‍රියාත්මක කරවනවා අපි අපේ ඉලක්කය වෙන පුද්ගලයාට යවන මෘදුකාංගයේ පළමු ක්‍රියාත්මක වීමේදී එය start menu ඒකට copy වීමට සැලස්සවීමෙන් මේ මෘදුකාංගය ඔහු පරිගණකය ක්‍රියාත්මක කරන සෑම විටකදීම ක්‍රියාත්මක වීමක් සිදුවෙනවා.   ඔන්න ඕකයි මේකෙන් සරලව සිද්ද වෙන්නේ හරිම සරලයි.   

මේක තවත් වැඩි දියුණු කරලා අපිට ඔහුගේ webcam Screen shots , desktop screen shot ලබාගන්න වගේම අපිට අවශ්‍ය virus එකක් හෝ වෙනත් මෘදුකාංගයක් ඔහුගේ පරිගණකයට Download කරන්නත් ඒක run කරන්නත් අවශ්‍යනම් delete කරන්නත් පුළුවන්.

 ඉතින් හදන විදිහ ගැන අදහසක් දුන්න වගේම මේක හදන අයුරු ගැනත් codes ලබාදෙන්නත් බෑ. මොකද Hacking සිදුකිරීමත් ඉගැන්වීමත් ලෝකේ සෑම රටකම නීති විරෝධී වෙන නිසා.   

ඉතින් යාලුවනේ ඔයාලත් පොඩ්ඩක් හිතුවොත් තමන්ටම මේ වගේ මෘදුකාංගයක් හදාගන්න බැරිකමක් නෑ .

 එහෙනම් ගිහින් එන්නම් .  පහත තියෙන්නේ මෘදුකාංගයේ Screenshot කීපයක්






Backdoor rat Trojan horse (RAT) Backdoor rat Trojan horse (RAT) Reviewed by vihan on 4:43:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.