(.net) Reverse Engineering tute #2
සුබ දවසක් ඔයාලට කලින් Post එකේදී මම Reverse Engineering කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට හදින්වීමක් කළා ඒ පොස්ට් එක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න
හරි අද මම ඔයාලට මේ Reverse Engineering කියන දෙය practical විදිහට කරන විදිහ ගැන තමා කියන්න හදන්නේ මම මේ දේට යොදා ගන්න මෘදුකාංගය Dnspy
ඔයාල ගාව මේ මෘදුකාංගය නැත්නම් මෙතනින් ගන්න
හරි එහෙනම් වැඩේට බහිමු මම අද කරන්න හදන්නේ C# language එක බාවිතා කරලා ලියපු සරල මෘදුකාංගයක් Reverse කරන එක මේ මෘදුකාංගය මෙතනින් බාගන්න
මේ මෘදුකාංගය ගැන හැදින්වීමක් කලොත් අපි නිවැරදි Serial එක ඇතුලත් කරන තෙක් අපිට මෘදුකාංගය වෙත පිවිසීම අවහිර කරනවා අපි නිවැරදි serial එක ඇතුලත් කලාම අපිට මෘදුකාංගයට පිවිසෙන්න පුළුවන්
මම අද ක්‍රම දෙකකට මේ මෘදුකාංගය Crack කරන විදිහ ගැන ඔයාලට කියල දෙන්නම්
- මෘදුකාංගයෙන් serial එක ලබාගෙන original මෘදුකාංගය බාවිතා කිරීම
- මෘදුකාංගය patch කර නව මෘදුකාංගයක් ලෙස සකස් කරගැනීම
හරි අපි පලවෙනි ක්‍රමය බලමු
රුපයේ තියන විදිහට අපිට මෘදුකාංගයේ Form 2 ක් අඩංගු වෙන බව පේනවා එයින් එකක් තමා අපිට serial number එක ඇතුලත් කරන්න වෙන form එක අනික තමා අපේ ප්‍රදාන මෘදුකාංගය මේකෙදි අපිට serial එක ඇතුලත් කරන්න වෙන form එක තමා form 1 කියන form එක
අපි form 1 කියන කොටසට යමු
මෙතැනදී අපිට හොයාගන්න පුළුවන් button එකක් ඒක තමා serial එක ඉල්ලන form එකේ Enter Now කියන button එක අපි ඒකට ගියහම අපිට මේ වගේ codes ටිකක් display වේවි
මෙතැනදී if statement එකකින් අපි ඇතුලත් කරන serial එක මෘදුකාංගයේ අඩංගු serial එකට සමානද කියල හොයල බලනවා
ඉහත රූපයේ විදිහට අපි codes දිහා අවදානය යොමු කලාම අපිට පේනවා a,b,c යනුවෙන් ස්ට්‍රින්ග් තුනක් ඒ තුන එකට එකතු වෙලා අගට 123 ඇතුලත් වන ස්ට්‍රින්ග් එක තමා මෘදුකාංගයේ serial එක මෙතැනදී
a=Revඑතකොට serial එක වෙන්නේ
b=tute
c=tp#1
serial = a+b+c+123 එමනිසා serial එක වෙන්නේ Revtutetp#1123
මේක තමා අපේ පලවෙනි ක්‍රමය අපි මෘදුකාංගය මගින් serial එක හොයාගත්ත අපි බලමු මේක වැඩ කරනවද කියල

හරි අපි නිවැරදි serial number එක හොයාගත්ත :-)
දැන් අපි දෙවෙනි ක්‍රමය කරන්නේ කොහොමද කියල බලමු
මේ ක්‍රම හොද අපි තනියම මෘදුකාංගය බාවිතා කරනවනම් විතරි මොකද අපි විතරයි දැන් serial එක දන්නේ , එත් අපි මේක තවත් අයට දෙනවනම් අපි මේ මෘදුකාංගය ඕනෙම serial එකකට වැඩ කරන ආකාරයට සකසන්න ඕනේ එකට කියනවා Patch සකසනවා කියල
දැන් බලමු මේ දේ කරන ආකාරය
අපි කලින් අදුරගත්තු code ටික හොයාගෙන ඉහත රුපයේ පරිදි Edit method ( Dnspy බාවිතා කරනවනම් ) click කරන්න
දැන් අපිට පුළුවන් මෘදුකාංගයේ මුලාශ්‍රය වෙනස් කරන්න මම මෙතැනදී කරන්නේ දැන් තියන serial එක cracked කියන serial එකට මාරු කරන එක තව අපි වැරදි serial එකක් ඇතුලත් කලත් cracked හැර අපිට මෘදුකාංග බාවිත කරන්න පුළුවන් විදිහට සකසන එක
හරි ඉහත රුපයේ විදිහට මම මෘදුකාංගයේ මුලාශ්‍රය වෙනස් කරගත්ත , පසුව compile button එක click කරන්න
දැන් අපි අපේ අලුත් මුලාශ්‍රය සහිත මෘදුකාංගය සකසා ගමු
ඉහත රූපයේ අඩංගු වන පරිදි File > Save module වෙත යන්න
පසුව රූපයේ පරිදි saving path එක සකසලා ok button එක click කරන්න , දැන් අපි අපේ patch එකත් සකසාගෙන අවසන්
දැන් අපි අපේ අලුත් මෘදුකාංගය run කරලා බලමු
හරි අපි එහෙනම් ඔන්න සරල මෘදුකාංගයක් අද Reverse කළා , මේ dnspy මෘදුකාංගය අපිට බාවිතා කරන්න පුළුවන් වෙන්නේ .net platform එක සදහා පමණයි , අපි අද reverse කරපු මෘදුකාංගය අපිට පහසුවෙන්ම reverse කිරීමට හැකි උනේ මේ මෘදුකාංගයේ මුලාශ්‍රය Encrypt කරලා නොතිබුන නිසා , ඒ කියන්නේ එහෙම කරපු මෘදුකාංග reverse කරන්න බැරිද , ඇයි බැරි පුළුවන් හැබැයි මීට වඩා වැඩ ගොඩක් කරන්න තියනවා , ඊලග පෝස්ට් එකෙන් අපි Source එක encrypt කරපු මෘදුකාංගයක් reverse කරන විදිහ ගැන බලමු ,
එහෙනම් ගිහින් එන්නම් , කරුණාකර කතු හිමිකම සුරකින්න
ලිව්වේ : විහඟ නිවර්තන :-)
(.net) Reverse Engineering tute #2
Reviewed by vihan
on
11:09:00 AM
Rating:

good mchn godak pahadili una.
ReplyDeletethanks bn ubata mema free step by step kiyla denwata