(.net) Reverse Engineering tute #3 (Final)


           අධ්‍යාපන දැනුම සදහා පමණි 

සුබ දවසක් ඔයාල හැමෝටම කලින් post දෙකකදීම මම ඔයාලට ( .net ) reverse engineering කියන දේ ගැන කියල දුන්න මේ  තමා ඒ ගැන කියල දෙන අවසාන පොස්ට් එක , අද ගොඩක්ම  නීති විරෝදී දෙයක් කරන්න හදන නිසාම මම මුලින්ම කියනවා අනිත් අය මහන්සියෙන් හදන software reverse කරන එක හොද දෙයක් නෙවෙයි ඒ නිසා මේ දැනුම අධ්යාපනය උදෙසා බාවිතා කරන්න ,

හරි මම කිව්වනේ අද ගොඩක්ම නීති විරෝදී දෙයක් කරන්න යනවා කියල මොකක්ද ඒ දේ ??
මම අද කරන්න හදන්නේ  Bunifu UI කියන .net වලට එන framework එක crack කරන්න සහ අපේම patch මෘදුකාංගයක් හදන්න bunifu ගැන දන්නේ නැත්නම් මෙතනින් බලන්න

එහෙනම් අපි බලමු කරන විදිහ කලින් පොස්ට් වල කිව්වා වගේ මේකට මම බාවිතා කරන්නේ dnspy කියන මෘදුකාංගය හා de4dot හා vb.net

අපි එහෙනම් අපේ bunifu dll file එක dnspy වලින් open කරගෙන බලමු


ඔයාලට පේනවා ඇති අපිට codes කිවගන්න අමාරුයි ඒ කියන්නේ මේ  dll file එකේ source එක encrypt කරලා කියන එක , කලින් පොස්ට් වලදී මම ඔයාලට මේ ගැන කිව්වා කලින් පෝස්ට් කියෙව්වේ නැත්නම් ඒ පෝස්ට් ටික කියවල ඉන්න , හරි මොකක්ද මේකට අපිට කරන්න පුළුවන් විසදුම අපිට මේ විදිහට source එක කොහෙත්ම කියවන්න බැහැ , අපි මේ source එක decrypt කරන්න ඕනේ අපිට එකට බාවිතා කරන්න පුළුවන් මෘදුකාංගය තමා de4dot 

අපි අපේ dll file එක de4dot උඩට drop කරමු පහත රූපයේ විදිහට 


හරි දැන් de4dot  මගින් අපිට encrypt කරපු codes decrypt කරගන්න පුළුවන් පහත රූප වල පරිදි 






දැන් ඔයාලට පේනවා ඇති අලුත් dll file එකක් හැදිලා තියනවා අගට cleaned කියල ඒ කියන්නේ අපි දැන් සාර්ථකව dll file එක decrypt කරගෙන අවසානයි අපි නැවතත් dnspy මගින් dll file එක open කරගමු 



දැන්  ඔයාලට පේනවා ඇති codes පහසුවෙන් කියවගන්න පුළුවන් , දැන් අපි codes ටික වෙනස් කරමු මෙතැනදී මම අපේ usage එක message වලින් limit කරන codes ටික හොයාගෙන අවසානයි 

ඉහත රුපයේ highlight කරලා තියන codes ටික අපි දැන් වෙනස් කරමු , පහත රූපවල  විදිහට 



මම මේ ගැන ගොඩක් විස්තර කියන්න යන්නේ නෑ මොකද මම කලින් පොස්ට් වල මේ ගැන ඔයාලට පැහැදිලි කරපු නිසා 

දැන්  අපි අපේ patch එක නිර්මාණය කරගමු 


හරි අපි අපේ patch එකත් නිර්මාණය කරගත්ත , අපි අපේ patch එක නිකන්ම කාගේවත් අතරට දෙන එක හොද නැති නිසා අපි සරල මෘදුකාංගයක් මේ සදහා නිර්මාණය කරගමු , මම VB.net වලින් තමා මේ මෘදුකාංගය හදන්න හදන්නේ 

මුලින් අපේ ප්‍රෝග්‍රෑම් එක VB.net වලින් design කරගමු පහත රූපයේ ආකාරයට 


මේ මෘදුකාංගයෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි crack කරපු dll file එක original dll file එක replace කරලා directory එකට අඩංගු කරන් එක හා original dll file එකේ backup එකක් සාදන එක , හරි අපි දැන් මේක code කරමු පහත රූපයේ පරිදි 



මෙතැනදී මම අපේ crack කරපු dll file එක resource එකක් විදිහට මෘදුකාංගයට ඇතුලත් කරගන්නවා , අපි මේ මෘදුකාංගය Build කරගමු .

හරි පහත රූපයේ තියෙන්නේ අපි Build කරගත්තු අපේ මෘදුකාංගය , අපි ඒක ටෙස්ට් කරලා බලමු 



වැඩේ සාර්ථකයි අපේ මෘදුකාංගයෙන් original dll එකේ backup එකක් හදලා කලින් අපි crack කරගත්ත dll එක replace කළා , ඔය විදිහට තමා ගොඩක් programes වලට cracks සහ patches හැදෙන්නේ , මම නැවතත් කියනවා මේ දේ මම අද සිදු කලේ අධ්‍යාපන දැනුමක් ඔබට ලබාදීම උදෙසා පමණයි , මෙවැනි දේ ගොඩක්ම නීති විරෝදී ක්‍රියාවන් , එමනිසා ඔබත් මෙය අධ්‍යාපනික දැනුම උදෙසා බාවිතා කරන්න , එහෙනම් අදට ගිහින් එන්නම් දිගටම අප සමග රැදී සිටින්න , ගැටළුවක් වෙතොත් comment එකකින් ඉදිරිපත් කරන්න .

- කරුණාකර කතුහිම්කම සුරකින්න -
- ලිව්වේ විහඟ නිවර්තන -




(.net) Reverse Engineering tute #3 (Final) (.net) Reverse Engineering tute #3 (Final) Reviewed by vihan on 3:00:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.