Google I/O Extended 2018 Event එක
Google ආයතනය වසරකට වරක් ඔවුන් ඉදිරියෙදී එලි දක්වන්නට නියමිත දේවල් ඇතුලු බොහෝ දේ ගැන මුළු ලෝකයටම කියන්න විශාල සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඔවුන් එක නම් කරලා තියෙන්නේ Google I/O කියලා .
ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රධාන සම්මන්ත්‍රණයට අමතරව ලෝකයේ පුරා විවිද රටවල් 600 කට අධික ප්‍රමාණයක Google I/O Main Event එකට සම්බන්ද වෙන්න නොහැකියාවක් පවතින අය වෙනුවෙන් Google I/O Extended ලෙස නම් කෙරූ Live Event එකක් පවත්වනවා.
ඉතින් 2018 වසරේත් Google I/O Extended වැඩසටනක් ශ්‍රී ලංකාවේද පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ වසරේදීත් මේ Event එකට සම්පුර්ණ අනුගාහකත්වය ලබා දෙන්නේ Dialog සහ Ideamart වෙතිනි .
ලෝකය පුරා ඉන්න වැඩි දෙනෙක්ට Google I/O එකට සහභාගී වෙන්න අපහසු වුණත් Google I/O Extended හරහා එයට සහභාගී වෙනවාට ඉතා ආසන්න අත්දකීමක් ලබා ගන්න පුළුවන්. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Mount View වල තිබෙන Shoreline එළිමහන් රඟහලේ පැවැත්වෙන Google I/O එක සජීවීව දැක ගන්න වගේම විවිධ රටවල සිටින තාක්ෂණික නිර්මාණකරුවන්ට එක්රැස් වෙන්නත් මේ තුලින් අවස්ථාව හිමි වෙනවා. මෙවර පැවැත්වෙන්නේ ඔවුන්ගේ 12 වැනි Google I/O වැඩසටහනයි. 2008 සිටම වසරේ මැද භාගයේදී මේ වැඩසටහන දිගටම පැවැත්වුණා.
Google I/O සම්මන්ත්‍රණයට සමගාමීව ශ්‍රී ලංකාවේත් Google I/O Extended වැඩසටහනක් පැවැත්වෙනවා. එ් 2018 මැයි 8 හා 9 දින Sri Lanka Exhibition & Convention Center හිදිය.
Google I/O Extended 2018ට අදාළ වැඩිදුර තොරතුර දැන ගන්න .
Google Developer Group Sri lanka >> https://goo.gl/kmZTK9
Google I/O Extended 2018 Event එක
Reviewed by Dilshan
on
7:21:00 PM
Rating:

No comments: