ලංකාවේ හදන 1st Electric මෝටර් රථය


ලැම්බෝගිනි,බුගාටි,ෆෙරාරි වැනි මෝටර්රථ වැනි අන්තර්ජාතික වෙළෙඳපොල සමඟ තරඟ කළ හැකි විශිෂ්ඨ මෝටර් රථයක් නිපදවීමට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේවන විට කටයුතු කරමින් සිටි.

නමින් VEGA නමැති මෙම අති සුඛෝපබෝගී මෝටර් රථය නිපදවීමට මූලික අදහස දී ඇත්තේ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුබසිංහ මහතා විසිනි.

VEGA මෝටර්රථ සමාගමේ ස්ථිර සේවකයින් දසදෙනෙකු මේවන විට සේවය කරන අතර 25 දෙනෙකු අමතරව සේවය කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක වූයේ කොටස් එකලස්කර මෝටර්රථ නිෂ්පාදනය කිරීමයි. නමුත් VEGA මෝටර්රථය 100% ක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.



මෙම මෝටර් රථයට VEGA  ලෙස නම් කර තිබෙන්නේ ද සිංහල නාමයක් දැමිය යුතු බැවිනි.

මෙහි වේගය 240Kmph අගයක් ගන්නා අතර එක්වරක් බැටරිය චාර්ජ් කළ පසු කිලෝ මීටර් 240 දුරක් ගමන් කිරීමේ හැකියාව මෙහි තිබේ.

මෙය සම්පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථයකි.මෙහි පසුපස රෝද කැරකීමට වෙනම මෝටර් දෙකක් ඇතුලත් කර ඇත.

මෙහි බොඩිය කාබන් ෆයිබර් අමුද්‍රවය භාවිතයෙන් නිර්මාණය කරනු ලබයි.


මෝටර් රථයේ වීඩියෝව පහලින් නරඹන්න...
  



ශ්‍රී ලාංකීය දේවල් අගය කිරීමක් විදියට මේ මෝටර් රථය ඉක්මනින් වෙලද පොලට එන්න කියලා ප්‍රාර්ථනා කරමු .


Tech පිස්සෝ ගැන  ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න

ඔබට සුබ දවසක්......... :-) 


ලංකාවේ හදන 1st Electric මෝටර් රථය ලංකාවේ හදන 1st Electric මෝටර් රථය Reviewed by Dilshan on 7:34:00 PM Rating: 5

1 comment:

Comments

Powered by Blogger.