Arduino සමග Push Button එකක් භාවිතා කරමු

සුභ දවසක් යාලුවනේ ............ අද මම කියන්න යන්නේ Arduino භාවිතා කර Push Button එකකින් LED එකක් දල්වන්නේ කොහොමද කියලා 

බලමු මොනවද ඕනේ කියලා 

  • Arduino UNO 1 එකක්
  • Project Board  1 එකක්
  • LED 1 එකක්
  • Push Button 1 එකක්
  • Jumper වයර් 

මේ Diagram 1 විදිහට LED 1 හා Push Button 1 එක සම්බන්ධ කරන්න.
දැන් මේ Code 1  Arduino එකට Uploard කරන්න.


const int buttonPin = 2;   // 2 වන pin එක තෝරගන්නෙ Button එකට 
const int ledPin =  3;    //  3 වන pin එක තෝරගන්නෙ LED එකට 

int buttonState = 0;      // Push Button එකේ State  එකකියවලා ඒක අලුත්  Variable එකක ගබඩා කරන එක 

//  void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ 
void setup() {
  pinMode(ledPin, OUTPUT); // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Output එකක්
  pinMode(buttonPin, INPUT); // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Input එකක්
}

//   void loop කොටස නොනැවතී   ක්‍රියාත්මකවේ 
void loop() {
  buttonState = digitalRead(buttonPin);// Button එකේ input value කියවීම සිදු කරයි 
  if (buttonState == HIGH) { //Button එක  HIGH අවස්ථාවට පත්ව ඇත්දැයි පරීක්ශා කෙරේ 
    digitalWrite(ledPin, HIGH); // එය සත්‍ය නම් තෝරාගත් LED pin එකේ output එක High බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් කරවයි. 
  } else {
   digitalWrite(ledPin, LOW); //එය අසත්‍ය නම් තෝරාගත් LED pin එකේ output එක Low බවට පත් වේ. ඒ හරහා විදුලිය ගමන් නොකරයි.
  }

// පසුව  ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.
if හා else පිලිබද වැඩිදුරටත්

 ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ගැන  ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න


ඔබට සුබ දවසක්......... :-) 
Arduino සමග Push Button එකක් භාවිතා කරමු Arduino සමග Push Button එකක් භාවිතා කරමු Reviewed by Dilshan on 8:01:00 AM Rating: 5

1 comment:

  1. එක පාරක් බට්න් එක press කරහම led එක on වෙන්නයි තව පාරක් press කරහම off වෙන්නයි code එක වෙනස් කරන්නේ කොහොමද?

    ReplyDelete

Comments

Powered by Blogger.