Ddos ගැන දැනගනිමු
සුබ දවසක් හැමෝටම........
Ddos කියන්නේ මොකක්ද ? ගොඩක් අයනම් දන්නවත් ඇති. කමක් නෑ මෙන්න Ddos ගැන.
Ddos Attack එකකදී වෙන්නේ Attacker කෙනෙක් විසින් Server පරිගණකයකට එකවර Request විශාල ප්‍රමාණයක් යොමු කිරීමයි.
දැන් බලමු Request කියන්නේ මොකක්ද කියලා
Request එකක් කියන්නේ මේකයි කිසියම් පරිගණකයක් server පරිගණකයක් සමග දත්ත සම්ප්‍රේෂණය කිරීමට පෙර සැසියක් (Session) එකක් නිර්මාණය කරගත යුතුයි. මේ සදහා පළමුව Client විසින් server පරිගනකය වෙත ඉල්ලීමක් (Request)එකක් යොමු කල යුතුයි. එවිට දත්ත සම්ප්‍රේෂණයට ඉඩ සලසයි .
මේ ddos attack එකකදී අපි සිදු කරන්නේ මෙසේ එක පුද්ගලයෙක් විසින් Request විශාල ප්‍රමාණයක් යොමු කිරීමයි. එවිට server පරිගණකය ඒවාට ප්‍රතිචාර දැක්වීමට යාමේදී තාවකාලිකව කාර්ය බහුල තත්වයකට පත්වේ. එවිට server පරිගණකය බිද වැටීමක් සිදුවේ.
ddos එල්ල කිරීමට Attackers ලා තමන්ටම අනන්‍ය වූ මෘදුකාංග භාවිතා කරනු ලබයි. එමගින් තාවකාලිකව තමන්ට අවශ්‍ය වෙබ්අඩවියේ සම්බන්දතාව බිද හෙලනු ලබයි.
ඉතින් යාලුවනේ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ද වෙබ්අඩවි වලත් මේ vulnerability එක තියෙනවා. ඉතින් පහසුවෙන්ම ddos attacks එල්ල කරන්න පුළුවන්.
සමාවෙන්න යාලුවනේ මේක ගොඩාක්ම නීති විරෝදී ක්‍රියාවක් නිසා කරන විදිහ ගැනත් උදාහරණ ගැනත් කියන්න බෑ .
කොහොම වුනත් පහල තියෙන්නේ අපේ ddos tool එකේ Screen shot එකක් .
Ddos ගැන දැනගනිමු
Reviewed by vihan
on
11:32:00 AM
Rating:

No comments: