Password protect any file using batch




අපිට අපේ වැදගත් දෙයක් අනිත් අයට නොපෙනෙන විදිහට අපේ com එකේ තියාගන්න ඕනේ නම් 
අපි කරන්නේ ඒ file එක hide කරන එකනේ ඒ උනාට ඒ ක්‍රමේ හැමකෙනාම දන්නවා මොකද පරිගණක දැනුම තියෙන අය දැන් ගොඩක් වැඩියිනේ 

අද මම කියලා දෙන්න යන්නේ කොහොමද hide කරන්නැතුව file එකක extention එක වෙනස් කරලා එක run වෙන හරි open වෙන එක හරි නවත්වන්නේ කියලා 
අපිට මේකට ඕනේ වෙන්නේ notepad එකයි bat to exe කියන පොඩි software එකකුයි විතරයි , දැන් ගොඩක් software තියෙනවා file lock  කරන්න ඒ උනාට අපිම එකක් හදාගත්තහම ඒක අපිට ලොකු සතුටක් නේ .. නැද්ද ?..

මෙන්න මෙහෙමයි කරන්නේ 

       මුලින්ම notepad එක open කරගෙන මෙන්න මෙහෙම type කරන්න 

  @echo off
 REN *.Mp4 *.AVNK
 REN *.AVI  *.AVNK1
 REN *.3gp  *.AVNK2
 REN *.Mp3 *.AVNK3
 REN *.rar *.AVNK4
 REN *.zip *.AVNK5
 REN *.jpeg *.AVNK6
 REN *.png *.AVNK7

මේ code ගැන මම කලින් post එකක කිව්වා ..

මේකේ පලවෙනි * පස්සේ අපිට වෙනස් කරන්න ඕනේ file extention එක දෙන්න ඕනේ දෙවෙනි * පස්සේ වෙනස් වෙන්න ඕනේ extention එකේ නම දෙන්න ඕනේ ඔයගොල්ලන්ට කැමති නමක් දාන්න පුළුවන් නැත්නම් .exe , .jpg වගේ කැමති extention එකක් දාන්න පුළුවන් 

මේ පලවෙනි file එක මේක ඕනේ වෙන්නේ extention වෙනස් කරන්න  මේ code  ටික type කරලා  .bat  විදිහට save කරන්න ඕනේ උදා : change .bat 



ඊලගට අපි fix file එක හදාගන්න ඕනේ 

එකට notepad එක ආයෙත් open කරගෙන මේ code ටික type කරන්න , (කලින් එකේ අනිත් පැත්ත )

@echo off
 REN *.AVNK *.Mp4 
 REN *.AVNK1 *.AVI  
 REN *.AVNK2 *.3gp  
 REN *.AVNK3 *.Mp3 
 REN *.AVNK4 *.rar 
 REN *.AVNK5 *.zip 
 REN *.AVNK6 *.jpeg 
 REN *.AVNK7 *.png 

දැන් ඒකත් කලින් file එක වගේ save කරගන්න ඕනේ මේ වගේ  උදා : fix.bat

දැන් මේ file දෙකම අලුත් folder එකක් හදලා එකට paste කරගන්න .


ඊලගට අපි කරන්න යන්නේ මේ හදා ගත්තු batch  file දෙක exe එකක් විදිහට compile කරගන්න එක 
එකට bat to exe converter කියන  software එක ඕනේ වෙනවා  මෙතනින් ගන්න 

මේ software එක open කරගෙන 
අපි හදා ගත්තු පලවෙනි batch file එක එකෙන් open කරගන්න 

    ඊට පස්සේ එකේ option කියන tab එකේ visibility කියන තැන invisible application කියන තැන තෝරන්න 
   පස්සේ 32 bit ද 64 bit ද කියන option එකත් තෝරාගෙන compile කරගන්න 


ඊට පස්සේ fix .bat කියන එකත් open කරගෙන මේ විදිහටම settings හදාගෙන password කියන තැනට කැමති paasword එකක් දෙන්න 
එකත් compile කරගන්න 

ඊට පස්සේ මේ file දෙකත් අර හදාගත්තු folder එකට දාල අපි කලින් හදාගත්තු batch files 2 ක delete කරගන්න 

දැන් සාම්පල් files ටිකක් folder එකට copy කරගෙන  exe , jpg  වගේ , change .exe එක run කරන්න  ඒ file වල extentions වෙනස් වෙයි
පස්සේ fix.exe එක run කරන්න එතකොට අපි compile කරන කොට දාපු password එක ඉල්ලයි දැන් එකත් type කරලා ok කරන්න files ටික ආයෙත් තිබ්බ විදිහටම හැරෙයි ඔන්න ඕකයි වැඩේ 
කරලම බලන්නකෝ ...

හැබැයි මේ ඔක්කොම windows තියෙන   drive එකේ කරන්න එපා මොකද මේක එතකොට වැඩ කරන්නෑ .





Password protect any file using batch Password protect any file using batch Reviewed by vihan on 12:17:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.