ලොවට අලුත් ගණිත කට්ටලයක්


අපි කවුරුත් කවකටු පාවිච්චි කරලා තියෙනවා .ඉතින් මේ කියන්න යන්නේ ටිකක් විශේෂ ආකාරයක ගණිත උපකරණ කට්ටලයක් ගැන .

පාසල්  අධ්‍යයාපන හදාරන සිසු සිසුවියන්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ද පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි සාම්ප්‍රදායික කවකටු පෙට්ටියෙන් ඔබ්බට ගිය නව නිර්මාණයක්  ලෝකයාට ඉදිරිපත් කිරීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයේ ඉගෙනුම ලැබු ආදි ශිෂ්‍යයකු වන තිසර මධුෂාන් බණ්ඩාර  ශිෂ්‍යයා සමත්ව තිබෙනවා

වසර කිහිපයකට පෙර තිසර නිර්මාණය කල ඉලිප්සය අදින කවකටුව වැඩි දියුනු කරමින් මොහු මෙම නව කවකටු පෙට්ටිය නිර්මාණය කර තිබෙනවා .



තිසර 2015 වසරේ පැවති සහසක් නව නිපැයුම් තරගාවලියෙන් මෙම විශේෂ කවකටු පෙට්ටිය සදහා ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා .
මේ නිර්මාණය සදහා ඔහු හට පේටන්ට් බලපත්‍රයද හිමි වෙලා තියෙනවා

ඔහු මේ නිර්මාණයට අමතරව මිරිස් කඩන යන්ත්‍රයක් , සිතියම් අදින උපකරනයක් නිර්මාණය කිරීමටද සමත් වෙලා තියෙනවා

මේවන විට පෞද්ගලික ආයතනයක් සමග සම්බන්ධ වී මෙම නිර්මාණය වෙලද පොලට හදුන්වා දීමට ද පියවරගෙන තිබෙනවා.




ඔවුන්ගේ  Facebook පිටුව - මෙතනින් 
ඔවුන්ගේ  වෙබ් අඩවිය    - මෙතනින් 

එහෙනම් ගිහින් එන්නම් .තවත්  මේ වගේ ලිපියකින් නැවත හමුවෙමු .
ඔබට සුභ දවසක් ......

ලොවට අලුත් ගණිත කට්ටලයක් ලොවට අලුත් ගණිත කට්ටලයක් Reviewed by Dilshan on 1:07:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.