Android ෆෝන් එකෙන් Arduino Programming කරමු.


සුභ දවසක්  යාලුවනේ  ඔයාලට ..  දැන් ගොඩක් දෙනා ගාව Android ෆෝන් එකක් තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නෙ  Android ෆෝන් එකෙන් Arduino Board එක Program කරන හැටි.

ඉතින් මේ වැඩේට Android ෆෝන් එකක් තිබුනට විතරක් මදි. ඒ ෆෝන් එකට OTG Support කරන්නත් ඕනේ.
ඔයාගේ Android ෆෝන් එකට OTG Support කරන්වද කියලා බලා ගන්න නම් මේ App එකෙන් පුලුවන් 

App එක මෙතනින් ගන්න 


අපි Pc එකේදි Arduino Program කරනකොට පාවිච්චි කරන Software එක වගේම Android සදහාද නිල  සංස්කරනයක් තියෙනවා.

Play Store එකෙන් මේ App එක ඔයාට ගන්න පුලුවන්.කැමති අය මෙතනින් Download කර ගන්න 
    

දැන් අපි බලමු කොහොමද Android ෆෝන් එකෙන් එකෙන්  Code එකක් ලියලා  Arduino බෝඩ් එකට Upload කරන්නේ කියලා.

Step 01 
      ඔයාගේ Android ෆෝන් එකට Install කරපු  ArduinoDroid  Software එක Open කර ගන්න.






Step 02
   දැන් මේ Interface එකේ Arduino Code එක ලියා ගන්න. මම LED Blink Code එක තමා මම මේ අත්හදා බැලීමට යොදා ගන්නේ 



Step 03
    ඔයා ලියා ගත්ත Code එක Compile කරන්න 
  
 


Step 04
   දැන් OTG  Cable එකෙන් හරි OTG Adapter එකකින් ඔයාගේ Arduino Board  එක Android ෆෝන්  එකට Connect කරන්න.

Step 05
   ArduinoDroid Software එකෙන් ඔයා පාවිච්චි කරන Arduino Board  එක තෝරලා දෙන්න.
  
 



Step 06
    දැන් ඔයා ඉස්සෙල්ලා ලියලා Compile කරපු Code එක Upload කරන්න. මේ වැඩේට සුලු වෙලාවක් ගත වෙනවා 


එහෙනම් ගිහින්  එන්නම්. ගැටලුවක්  තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න.

සුභ දවසක් ......


Android ෆෝන් එකෙන් Arduino Programming කරමු. Android ෆෝන් එකෙන් Arduino Programming කරමු. Reviewed by Dilshan on 11:34:00 AM Rating: 5

No comments:

Powered by Blogger.