‌Arduino මගින් උශ්නත්වය හා ආර්ද්‍රතාව මනිමු

සුබ දවසක් යාලුවනේ .... අද ඔයාලට කියලා දෙන්න යන්නෙ  Arduino භාවිතා කරලා ඩිජිටල් උශ්නත්වමානයක් හා ආර්ද්‍රතාමානයක් හදා ගන්නේ කොහොමද කියලා .

ඉතින්  අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ DHT11 කියන ආර්ද්‍රතාව හා උශ්නත්ව සංවේදකයයි. මේ සංවේදකය මගින් ඉලෙක්ට්‍රොනික් Projects සදහා ආර්ද්‍රතාවය හා උශ්නත්ව  පිලිබද දත්ත පහසුවෙන එකතු කර ගත හැකිය.

ඒ වගේම දුරස්ථ කාලගුණික මධ්‍යස්ථාන, නිවෙස් වල පවතින පාරිසරික පාලන පද්ධතිය සහ  ගොවිපල ගෙවතු නිරීක්ෂණපද්ධතිය සදහා පරිපූරන සංවේදකයකි.

DHT11 සංවේදකයේ  නිරවද්‍යතාව හා පරාස පහතින් දැක්වේ.
DHT11 සංවේදකය වෙළද පොලේ දෙවර්ගකින් මිලදී ගන්න පුලුවන්. පහත රූපයේ දක්වා තිබෙන්නෙ එම දෙවර්ගයයි.

DHT11 සංවේදකය Arduino Board එකට සම්බන්ධ කරමු.




අපි DHT11 Library  එක Arduino IDE එකට add කර ගන්න ඕනෙ. පහත link එකෙන් Library  එක download කරගෙන පහත පියවර අනුගමනය කරන්න. 



Library එක download කර ගැනීමෙන් අනතුරුව එය  Arduino software එකෙහි install location හි පවතින library folder එකට Extract කර ගන්න. 

දැන් අපි Serial Monitor එක පාවිච්චි කරලා ආර්ද්‍රතාවය සහ උශ්නත්වය Display  කරමු.




Serial Monitor එකේ Display කරපු ආර්ද්‍රතාවය සහ උශ්නත්වය දැන් අපි LCD එකක Display  කරමු 

LCD   Display එක Arduino හා සම්බන්ධ කරන ආකාරය මෙතනින්  එහෙනම් කරලම බලන්නකෝ . ගිහින් එන්නම් . අලුත් ලිපියකින් හමුවෙමු. 


‌Arduino මගින් උශ්නත්වය හා ආර්ද්‍රතාව මනිමු ‌Arduino මගින් උශ්නත්වය හා ආර්ද්‍රතාව මනිමු Reviewed by Dilshan on 2:18:00 AM Rating: 5

Comments

Powered by Blogger.